Kitchen
තායි හර්බිස් මැන්ගෝ සැලඩ්
මේ දේවල් අවශ්‍යයි:-
ඉදුණු අඹ ගෙඩි - 1
පිපිඤ්ඤා - 50g
ලූනු කොළ - 50g
තක්කාලි - 50g
කොත්තමල්ලි කොළ - 10g
අමුමිරිස් කරල් - 4
රටකජු - 30g
තල ඇට - 5g
සුදු ලූනු බික් - 2
සලාද කොළ - 100g
තායි ඩ්‍රෙසින් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
සීනි මේස හැඳි - 2
තල තෙල් මේස හැඳි - 2
මාළුසෝස් මේස හැඳි - 1
කපාගත් අමු මිරිස් කරල් - 2
කුඩාවට කපාගත් සේර - 5g
කුඩාවට කපා ගත් සුදු ලූනු - 5g
කුඩාවට කපාගත් ඉඟුරු - 5g
තල ඇට - 5g
දෙහි යුෂ මේස හැඳි - 2
පදමට ලුණු
සාදන ආකාරය :-
පළමුව
සියලුම ද්‍රව්‍ය හීනියට කපා ගන්න. ඉන්පසු ඩ්‍රෙසින් එකේ ද්‍රව්‍ය සියල්ල
එකට ගසා ගන්න (බ්ලෙන්ඩරයෙන්) දැන් කපාගත් ද්‍රව්‍ය සමඟ කලවම් කර කෑමට ගන්න.
Wmqgd .ekSu wo forK fjí wvúh